එසේ හැදුනු දේවාලයට පූජකවරුන් පත් කිරීම
මේ පිළිබඳ ලිඛිතව සඳහන් වන්නේ තුඩුගල විසිදාගම බණ්ඩාරවලියේ සහ අලුත්නුවර දේවාල සන්නස සහ ලව්කේ සන්නස නමැති ලේඛන තුළයි.
ඒ අනුව දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යාවන ස්වභාවික භූ පිහිටීමක් වූ රාම සේතු වැලි පර පංතියේ ඉන්දීය අන්තයේ පිහිටි රාමේශ්වරම් දිවයිනේ රාමේශ්වරම් මහ කොවිලෙන් විෂ්ණු අංග දත් බ්‍රාහ්මණයන් සහ තේවාකරුවන් ගෙන්වාගැනීමට දප්පුල රජු කටයුතු කර තිබේ. එසේ පැමිණි බ්‍රාහ්මණයන්ගේ නායකයා රාමචන්ද්‍ර නම්වූ වග ද සඳහන්වේ.
ලිඛිත සාධකයන්ට අමතරව දෙවිනුවර මඟුල්වැල්ලට රත්සඳුන්කඳක් වැඩම්වීමෙන් පසුව තැනූ මහා දේවාලයේ තේවාව පිනිස විදේශීය පූජකයන් ගෙන්වා ගත් වගට සතරකෝරළේ ජනකලිඛිත සාධකයන්ට අමතරව දෙවිනුවර මඟුල්වැල්ලට රත්සඳුන්කඳක් වැඩම්වීමෙන් පසුව තැනූ මහා දේවාලයේ තේවාව පිනිස විදේශීය පූජකයන් ගෙන්වා ගත් වගට සතරකෝරළේ ජනකවියකද මෙසේ කියවේ.
“දෙව්රද උපුල්වන් පෙර ලක්‌දිව පැමිණි
නැව් කප්පරින් ගොඩබට පරපුරෙන් දිනි
සිව් කෝරළේ කරවන නරවර ලෙසිනි
ලෙව්කේ මැතිඳු රජසබයට ද, දත් වැනි”
මේ අනුව උපුල්වන් දෙවියන් දෙවිනුවර වැඩීමෙන් අනතුරුව නැව් කප්පරකින් පරම්පරා කිහිපයක් ද දෙවිනුවරට ගොඩබැස (තුඩුගල බණ්ඩාරවලියේ සඳහන් බ්‍රාහ්මණයන්) ඇති අතර එයින් එක් පරපුරකින් කන්ද උඩරට ලෙව්කේ පරපුර ද ඇතිවී තිබේ.