දෙවිනුවර ඇසළ පෙරහැර මංගල්යය හිතනවාටත් වැඩිය පැරණිද?

දෙවිනුවර දිව්යරාජ භවනයේ ඇසළ පෙරහැර මංගල්යය අවිවාදිතව දිවයිනේ පැරණිතම “ඇසළොත්සවය” බව පැහැදිලිය,නමුත් මෙම උත්සවය සත්යවශයෙන්ම ඇරඹුනේ කොහොමද?
“නතෝ තස්මිං පුරෙ තස්ස දෙවස්ස පට්වච්ඡරං
අසාළ්හි මඞගලචාපි පවතෙත්තුං නියෝජයි.”-මහාවංසය
මෙම මහාවංස පාඨය අනුව දෙවෙනි පැරකුම් රජු දෙවිනුවර ඇසළ උත්සවය පවත්වන්නට නියෝග කලේය.එසේම එය දිවයිනේ ඇසළ උත්සවයක් පිළිබඳව ලැබෙන පැරණිම ලිඛිත සාධකයයි.නමුත් මීට පසුකාලීනව ලියවුනු,එනම් 16්වෙනි හෝ 17වෙනි සියවසේදී දී රචනා වන්නට ඇතැයි අනුමාන කරන “තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය” යන පුස්කොළ ග්රන්ථය අනුව ඇසළ මංගල්යය දප්පුල රජ සමය(ක්රි.ව 661) දක්වාම දිව යයි.
මෙම පුස්කොළ ලේඛනය මෙසේ ඇසළ පූජෝත්සවය පිළිබඳ සඳහන් කරන්නේ දප්පුල රජු රත් සඳුන් රූපය මහ දේවාලයේ වෙසක් මස දිනක පිහිටු වීමෙන් පසුව එළඹුනු සමයේදී දෙවියන් වෙනුවෙන් කරන ලද කටයුතු විස්තර කරන කොටසේය.මහාවංසයට පසුව ලියවුනු ලේඛන බැවින් ඒවායේ විශ්වාසනීයත්වය පිළිබඳව යම් සැකයක් ඇත්තා වුවද ඒ ලේඛන තුලින් දක්වන කරුණු විමර්ශනය කොට නිගමයකට ඒම වටනේය.
“රාවණ යුධාවතාරය මතු පවතිනා බවට පහළොස් දවසක් සැණකෙළියට ඇසළ මස පුර පෑලවිය ලත් බදාදා පුසේ නැකතින් ඇසළකප් හිටුවා සැණකෙළියට පටන්ගත් සේක…”
-තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය මෙසේ කියනාතර මේ විස්තරය අනුව අපට පැහැදිලිවන්නේ දෙවිනුවර මංගල ඇසළ මංගල්යය පවත්වා ඇත්තේ රාම-රාවණ යුද්ධ ජයග්රහණය සැමරීමට බවයි.රාමායනයටම අනුව දශකන්ඨ දශග්රීව මහා රාවණ රජු යනු ගරු කළ යුතු මහ නිරිඳෙක් වුවද අවසාන සමයේ එතුමා විසින් දෙවියන්ටත් සෘශිවරුන්ටත් මිනිසුන්ටත් කරන ලද නොමනා ක්රියාකාරකම් හේතුවෙන් රාමයන්ට එතුමන් යුද්ධයෙන් පරදවන්න සිදුවිය.ඉහතකී පුස්කොළ ලේඛනය අනුව මෙම ප්රවාදගත සිද්ධිය ඇසළ මස පුන් පොහෝ දිනක සිදුවූවා යන විශ්වාසයත් ශ්රී විෂ්ණු යනුවෙන් ද විශ්වාස කල උපුල්වන් දෙවියන්ගේ උපත ඇසළ මාසයේ සිදුවූවා යැයි ආනාදිමත් කලක පටන් පැවති විශ්වාසයත් ඇසළ පෙරහැර මංගල්යය පැවැත්වීමට හේතුවූවා යැයි සිතිය හැක.
“වෛශාඛෙ රාධතාරා රිවිදෙනසහිතේ…”යන තුඩුගල විසිදාගම බණ්ඩාරවලියේ ඇති ශ්ලෝකය අනුව දේව ප්රථිමාව වෙසක් මස පුරපක්ෂෑයි රිවි දිනක මහා දේවාලයේ පිහිටුවා තිබේ.
අතීතයේ යම් සුභ කටයුත්තක් ඉටුකිරීම පිනිස මණ්ඩපයක් සෑදීමේදී එසේත් නැත්නම් කිසියම් ගොඩනැගිල්ලක් සැදීමේදි “මඟුල් කප” නම් ලී කණුව උත්ස්වාකාරයෙන් ශුභ මුහුර්තියකට සිටුවීම ප්රථම කාර්ය ලෙස ඉටුකරන ලදි.ඉන් අනතුරුව මණ්ඩපයේ හෝ ගොඩනැගිල්ලේ ඉතිරි කොටස් ඉදිකෙරේ.මේ සඳහා සෞභාග්යය හඟවන කිරි ගසක්ම යොදාගන්නා බව පෙනේ.වර්ථමානයේ මුල් ගල තැබීමට සමානව මෙය ඉටුවූ බව උපකල්පනය කළ හැක.ඇසළ පෙරහැරට කප් සිටුවීමටද මූලික අභාෂය ලැබුනේ මෙම “මඟුල් කප” සිටුවීමේ පුරාණ සිරිත බව නිසැකය.වර්තමානයේදී ද උඩරට මෙන්ම පහතරට ශාන්තිකර්මවලදී ද කප් සිටුවීම යනු ප්රථම චාරිත්රයයි.
එසේම “පුසේ නැකතින් ඇසළකප් සිටුවා” යන පාඨය අනුව දෙවිනුවර දේවාලයේ කප සිටුවීම ද දප්පුල රජ සමයේ ආරම්භ වූ බව පෙනේ.දෙවිනුවර මඟුල් වැල්ලට රත් සඳුන් කොටය වැඩීමත් එයින් දේව රූපයක් කොට දේවාලයේ තැන්පත් කිරීමත් ඉමහත් උත්කර්ශවත් ලෙස ඉටු වූ උත්සවයකි. මේ අවස්ථාවේදී දෙවිනුවර ප්රථිමාවට වතාවත් කිරීම පිනිස රාමේශ්වරමින් රාමචන්ද්ර ප්රමුඛ විෂ්ණු අංග දත් බ්රාහ්මණයින් හා තරහළුන්(සේවකයන්) දප්පුල රජු විසින් ගෙන්වා ගත් බවත් යටකී පුස්කොළ පොත් කියා තිබේ.බ්රාහ්මණයන් යනු කිසියම් නීති පද්දතියක් යටතේ හැඩගැසුනු දෙවියන් වෙනුවෙන් වූ කළ යුතු සියලු පූජා පූර්ව චාරිත්රප්රකාරව පවත්වන සේවකයන් පිරිසකි.
“ප්රතිමහලක්ෂණය කරවනු පිණිස විෂ්ණු අංඟ දන්නා බ්රාහ්මණයන් හා ඊට සුදුසු තරහළුන් රාමෙස්සරමින් ගෙන්නවා….”
දෙවිනුවරට ආවේ විෂ්ණු අංග දත් බමුණන්ය බැවින් ඔවුන් විෂ්ණු දෙවියන් ඇදහූ වෛෂ්ණව සම්ප්රදායේ පිරිස් බව පෙනේ.එබැවින් මේ බ්රාහ්මණ පිරිස් ඇසළ මස සිදුවූ විෂ්ණු දෙවියන්ගේ රාවණ යුද්ධය හා එතුමාගේ උත්පත්තිය සමරා ඇසළ පූජා සැණකෙලියක් දප්පුල රජ සමයේ එනම් ක්රි.ව.661ට ආසන්න සමයකදී ඇරඹූ බව උපකල්පනය කිරීම අසාධාරන නොවේ.
දඹදෙණි යුගයේ 2න පැරකුම් රජු දවස දෙවිනුවර දේවාලය ගරාරවැටී තිබූ බැවින් එහි චිරාගත චාරිත්ර පවා කිසියම් අයුරකින් අඩාලව තිබෙන්නට ඇත.ඒ නිසාම පැරකුම් රජු “ඇසළ” උත්සවය පවත්වන්නට නියෝග කිරීමෙන් නැතිවී ගිය ඇසළෝත්සවයක් යලි ඇතිකිරීමට කටයුතු කලා යැයි සිතිය හැකිය. කාලාන්තරයක් පැවති මහ පෙරහැරක චාරිත්ර යලි ඇතිකරලීම පිනිස රිට්ටාගෙය හෙවත් සිංහාසනය හා සිංහාසන වීදිය එතුමා නිර්මාණය කලේ මේ නිසා බව පෙනේ.
මේ අනුව දෙවිනුවර පෙරහැර යනු වත්මනේ කියන්නාක් මෙන් වසර 762ක් ඉපැරණි පෙරහැර මංගල්යයක් නොව අනුරාධපුර රාජධානි සමය දක්වාම දිවයන අතිශයින් පෞරාණික ශුද්ධ වූ දේව පෙරහැර මංගල්යයකි.තුඩුගල විසිදගම බණ්ඩාරවලිය අනුව ඒ මහා මංගල්යය ක්රි.ව.661 දී ඇරඹුනු බව සඳහන් බැවින් දේවනගරයේ ඇසළ පෙරහැර මංගල්යය නූතන 2020 වසර වන විට වර්ශ 1359ක් ඉපැරනි මංගල්යක්වේ.ඒ අනුව මේ දිවයිනේ අතිපෞරාණිකම ඇසළෝත්සව මංගල්යයේ වයස තවත් ඉහල යයි.මේ සත්ය අභිමානවත් ඉතිහාසය දැන්වත් ජනගත විය යුතුමය.
සටහන-අභිෂේක් යසස්ථි රන්දෙනිය
Share:

Leave a comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *