දෙවිනුවර කොරවක්ගල්

දෙවිනුවර පූජා භූමිය තුළ වර්ග කීපයකට අයත් කොරවක්ගල් දක්නට ලැබේ.
1)ගජසිංහ කොරවක්ගල්
පැරණි දේවාල භූමියට අයත් නටබුන් අතර අඩි 2 1/2ක් පමණ උසැති කැටයම් රැසක් ඇති ගජසිංහ කොරවක්ගල් සතරකි.
නූතන සිටිපිළිමයට පිටුපසින් ද තවත් ගජසිංහ කොරවක්ගල් දෙකකි. මේවා ඉහත කී දේවාල බිමේ ගජසිංහ රූපයන්ට වඩා උසින් අඩු වන අතර අඩි 2ක් පමණ උසැතිය. සිංහ සිරුරේ ලාලිත්යයද වඩාත් ඉස්මතු කොට ඇත.
2)පහත්ට වැටී සුළියක් ලෙස කැරකෙන දියරැලක් සේ නිර්මිත කොරවක්ගල්
දෙවිනුවර විහාර භූමිය තුළ වඩාත් සුලබ කොරවක් ගල් මේවයී. පැරණි සිටි පිළිම විහාරය යැයි විශ්වාසිත බිමේ 1949වන විටත් පැවති එහෙත් දැන් නූතන ඔත්පිළිම විහාරය තුල මෙයින් විශාලම කොරවක්ගල් ජෝඩුව තිබේ.
මේ ආකාරයේම කුඩා අඩි 1 1/2ක් උසැති කොරවක් ගල් සතරක් නූතන ධර්ම ශාලාවට සවිකොට තිබේ.(සේයාරූ ලබා ගත නොහැකි විය.)
මේ ආකාරයේම තවත් ස්වරූපයකින් යුත් විශාල කොරවක්ගල් කිහිපයක් සිටි පිළිමය පිටුපස ඔහේ ගොඩගසා ඇති බවත් නිරීක්ෂණය කළ හැක. මාස තුනකට පෙරත් දුටු ඒවා මේ වන විට වැල් ගාලකින් වැසී යමින් පවතී.
සටහන- අභිෂේක් යසස්ථි රන්දෙනිය
Share:

Leave a comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *