අනුරාධපුර සහ පොළොන්නරු යුගයන්හී දී දෙවිනුවර මහා දේවාල මලුව

මහාවංසය අනුව උපුල්වන් සුරිඳුන් වෙනුවෙන් කැප වූ මෙම මහා දේවාලය ආරම්භ වූයේ ක්රි.ව.659 දී රජ පැමිණි සාමි දප්පුල රජ සමයේ දී බව පැහැදිලිවේ.(ම.ව. 43; 55)එම දේවාල කර්මාන්තයේ දී රත්සඳුන් හරයකින් උපුල්වන් දෙවියන්ගේ ප්රතිමාවක් කරවීමත් එම ප්රතිමාව පිහිටුවීම පිණිස රාමේශ්වරම් දේවාලයෙන් රාමචන්ද්ර මහා බ්රාහ්මණ ඇතුළු තේවාකාර පිරිසක් පැමිණි බව ද තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය අනුව හෙලිවේ.(ලීලසේන 1949; 44-47) මෙසේ සංවර්ධනය වූ අනුරාධපුර යුගයේ පැවති උපුල්වන් දේවාලය කවරාකාර ගෘහ නිර්මාණ ලක්ශණයෙන් යුක්ත වූවේ ද යනු තවමත් නොවිසිඳිනු ගැටලුවකි.
එහෙත් පෞරාණික නශ්ටාවශේෂ සහ ගෘහ නිර්මාණ ශිල්ප ක්රම පිළිබඳ සාධක ඇසුරින්ම මේ පිළිබඳව යම් ආලෝකයක් ලද හැකිය.මින් ඉහතදී ද උපුටා දැක්වූ දෙවිනුවර උපුල්වන් දේවාලය ඉදිවීම පිළිබඳ මහවංසගත සඳහන වූ; ”කිහිරැලි විහාරය කරවා දෙවියන් පිදීය” (ම.ව. 43; 55), යන සඳහන අනුව උපුල්වන් දේවාලය වනාහි විහාරස්ථානය හා සෘජුව සම්බන්ධ ආයතනයක් බව පෙනී යන අතර දේවාල කාර්යය පිළිබඳ දළදා සිරිතේ ඇති සඳහන අනුව ද උපුල්වන් දේවාලය පිහිටා තිබුනේ විහාරස්ථානය තුලමය.(ද.සි. 1950ත පි.42) එසේ හෙයින් දෙවිනුවර දේවාලයේ මුල් වාස්තු විද්යාව පිළිබඳ ගවේෂණය කළ යුතු වන්නේ මෙවන් පසුබිමක සිටය.
මෙම උපුල්වන් දේවාලයේ වූ ප්රධාන පූජාර්හ වස්තුව දේව ප්රතිමාවක් බව ඉහතදී පැහැදිලි කරන ලදි. විහාරයක් තුල වන්දනාවට ලක්වන ප්රතිමා පිහිටුවීම සිදුවන්නේ ප්රතිමාඝර තුලය. එබැවින් අනුරාධපුර යුගයේ පැවති මුල් උපුල්වන් දේවාලය ද බෞද්ධ ප්රතිමාඝරයකට සමාන වාස්තු විද්යාත්මක අංගලක්ෂණ තුලින් සමන්විත වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. නශ්ටාවශේෂ ඉතිරිව ඇති පෞරාණිකම ප්රතිමාඝර කිහිපයක්ම උපුල්වන් දේවාලය ඉදිවූ යුගයට බොහෝ සමකාලීන හෝ ආසන්න කාලීන (7,8,10 සියවස්, බණ්ඩාරනායක 1990; පි.29) වීම මෙම අධ්යයනයට රුකුළක් වේ. අනුරාධපුර යුගයේ ප්රතිමාඝර පිළිබඳ සඳහන් කරන ආචාර්ය සේනක බණ්ඩාරනායක මහතා එම ගෘහයන් පොදුවේ සෘජුකෝණාස්රාකාර වූ බවත් ප්රමුඛයකින් සහ ප්රතිමාව සහිත ඇතුළු ගර්භයකින් යුක්ත වූ බවත් සඳහන් කොට තිබේ.මෙම ඇතුළු ගර්භය සාමාන්යයෙන් ප්රමුඛයට වඩා උසකින් ඉදිකොට ඇති අතර ද්වාරයක් සහිත ඇතුළු බිත්තියකින් එය ප්රමුඛයෙන් වෙන්විය.(එම., 28)
පුරාවිද්යාත්මක විෂය පතය තුල ඓතිහාසික යුගයන් තුල ඉදි වූ බෞද්ධ ප්රතිමාඝරයන් ප්රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වර්ග කොට තිබේ.එනම් ගන්ධකුටි සහ ගෙඩිගේ (ගිඤ්ජකාවස්ථ) ශෛලියේ ප්රතිමාඝර ලෙසයි.අනුරාධපුර යුගයේ දී වඩාත් සුලබවූ ගන්ධ කුටි ශෛලියේ ප්රතිමාඝර දැව සහ උළු සෙවිලි කළ වහලින් යුතු විය.(එම., 29) ගෙඩිගේ ශෛලියේ නිර්මාණ පොළොන්නරු සහ ඊටත් පසුකාලීන යුගයන් තුලින් වඩාත් හමුවන අතර එවන් ගිඤ්ජකාවස්ථ ගෘහයක විශේෂම ලක්ෂණය වන්නේ පියස්ස ඇතුළු සම්පූර්ණ ගොඩනැගිල්ලම ගඩොලින් හෝ ගලින් බැඳ තිබීමයි.(එම.)
භාරතයේ දේවස්ථානයන් සේම පොළොන්නරු යුගයේ දී මෙරට ඉදිවූ ප්රතිමාඝර ද මණ්ඩප, අන්තරාල, ගර්භගෘහ යන පොදු ගෘහ නිර්මාණ සැලැස්ම මත ඉදිව තිබූ බැව් ද පෙනී යන කරුණකි.මීට උදාහරණ කිහිපයක්ම ආචාර්ය ලීලානන්ද ප්රේමතිලක මහතා දක්වා තිබේ.(ප්රේමතිලක 1990; 50,52) එබැවින් උපුල්වන් දේවාලය ද මේ අංගයන්ගෙන් යුතුව හෝ ඉහතින්ම විස්තර කළ පරිදි ඇතුළු ගර්භයකින් සහ ප්රමුඛයකින් පමණක් සමන්විත වුණු බවක් ද උපකල්පනය කළ හැකිය. මණ්ඩපය (පසුකාලින යුගවල දිග්ගෙය) යනු දේවාලයේ මහ දොරටුවේ සිට අන්තරාලය දක්වා විහිදි දිගු ගෘහයයි. අන්තරාලය යනු මණ්ඩපය හා ගර්භ ගෘහය යා කරන කුඩා මණ්ඩපාකාර ගෘහයයි. ප්රතිමාව තැන්පත් කොට ඇති ඇතුළු කුටිය ගර්භගෘහයයි.භාරතයේ ඇතැම් දේවස්ථානයන් හී මෙම කොටස කුඩාවටත් එය වටා ප්රදක්ශිනා කළ හැකි පතයක් ලෙසත් සාදා තිබේ. (උදා:- අනන්ත පද්මනාභස්වාමි විෂ්ණු දේවාලය, ශ්රී රංගනාතස්වාමි විෂ්ණු දේවාලය)
අනුරපුර යුගයට අයත් ඇතැම් බෞද්ධ ප්රතිමාඝර තුළ ද මෙවැනිම ප්රදක්ෂිණා පත තිබුනි. (බණ්ඩාරනායක 1990; පි.28) මෙම ගර්භ ගෘහයට ඉහළින් විමානයක් හෙවත් මහල් කීපයක් කේතු ආකාර ලෙස කුඩා වන පරිදි ඉදි කිරීම භාරතයටත් ලංකාවටත් පොදුය. (ඊකමබාැකක 1994ත චටග96) අනුරාධපුර හා පොළොන්නරු යුගයට අයත් ගිඤ්ජකාවස්ථ ශෛලියේ විහාරයන් හී විමානයක් වෙනුවට ඇතැම් විට ස්තූපිකාවක් යොදා තිබූ බවක් ද පෙනේ.(ප්රේමතිලක 1990; 51,52) ආචාර්ය සේනක බණ්ඩාරනායක දක්වන පරිදි ගන්ධකුටි ශෛලියේ ප්රතිමාඝර තුළ ද දැවමය උපරිව්යූහ තිබූ බවට සාධක ලැබේ.(බණ්ඩාරනායක 1990; පි.29) මේ වනාහි ගන්ධ කුටි ශෛලියේ ප්රතිමාඝරයන්හී විමාන ලෙස ද සැළකිය හැකිය.
එබැවින් ගර්භ ගෘහයට ඉහලින් උපරිව්යූහයක් හෙවත් විමානයක් ඉදිකිරීම සාමාන්යයෙන් අනුගමනය කළ ගෘහ නිර්මාණ ක්රමශිල්පයක් බව පෙනී යන බැවින් උපුල්වන් දේවාල ගර්භ ගෘහය මත ද විමානයක් තිබූ බව බොහෝ නිශ්චිතය.එහෙත් එහි ස්වරූපය හෝ සමස්ථයක් ලෙස මුල් දේවාලයේ පියස්ස කෙසේ වී ද? යනු ගැටලුවකි. පෘතුගීසින් ඇඳි දෙවිනුවර දේවාලයේ චිත්රය :ඡගෑගඡසැරසි 1926* හෝ මෙයට ආලෝකයක් නොසපයයි. මන්ද එහි දක්වා ඇත්තේ 2වෙනි පරාක්රමබාහු රජු විසින් නවීකරනය කළ (ම.ව. 83; 85-89) මහා දේවාලය කෝට්ටේ යුගයේ පැවති අයුරුයි.
දප්පුල රජු විසින් සෑදූ මුල් උපුල්වන් දේවාල ගෘහය ගෙඩිගේ ශෛලියේ නිර්මාණයක් ලෙස සළකා එහි විමානය ද ගඩොලින් බැඳි බව සැළකුවහොත් එම ගෘහ නිර්මාණ ක්රමය තෙත් කලාපයේ නිතර වැසි වැටෙන දෙවිනුවරට කෙතරම් උචිත ද යන ගැටලුව පැන නඟී. මන්ද ගල් හෝ ගඩොල් බදාමයෙන් බැඳ සෑදු ගර්භ වහල තුළින් ජල කාන්දු ඇතිවීමට අනිවාර්ය ඉඩක් පැවතීමයි. 14වන සියවසේ ඉදි වූ ගඩලාදෙණි විහාරයේ සෙල්මුවා වහලය තුලින් ද මෙවැනිම ජල කාන්දු ඇතිවීම හේතුවෙන් පසුකාලයකදී ඊට උළු වහලයක් එක් කිරිමට සිදු විනි.(්ීක්්ඍ 1953ත 19-20;1953 දී මෙම වහලය ඉවත්කොට මුල් විහාරය යලි මතුකෙරිනි.දැන් නැවතත් වහලයක අවශ්යතාව පැන නැඟී පවතී.) මේ කලාපයට ඉතා සමාන ඉන්දියාවේ කේරලයෙන් නම් මීට විසඳුමක් ලෙස උලු පියැසි යොදා දේවාල සාදන බව පෙනේ. එසේ උපකල්පනය කලහොත් නම් දෙවිනුවර ද උලු පියස්සක් තිබූ බවත්ල ග්රභගෘහයට ඉහලින් වූ විමානය ද අනුරාධපුර යුගයේදී පවා පෘතුගීසි වාර්ථාවල ඇති චිත්රයට සමානවම තිබූ බවක් හැඟවේ.නමුත් එම උපකල්පනයට ද විරුද්ධ නැගී සිටින උපුල්වන් දෙවොල හා සමකාලීනව තැනූ ස්මාර්කයක්ම දෙවිනුවර තිබේ.එනම් දෙවිනුවර ගල් ගෙයයි. (පරණවිතාන 1972ත පි.124-128)
දෙවිනුවර ඔරලෝසු කණුවේ සිට උතුරට ඇති මාර්ගයේ ගිය කල හමුවන ගල් ගෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්පූර්ණයෙන්ම ගලින්ම තැනූ ගිඤ්ජකාවස්ථ ශෛලියේ ගොඩනැගිල්ලකි. මෙහි වහලය ද ගලින් නිමවා ඇති බැවින් දෙවිනුවර වූ ප්රධාන මහා දේවාලය පවා මේ ආකාර වූවා ද යන පලමු සැකය ඇතිවේ. ”පැරණි දෙවිනුවර (1949)” ග්රන්ථයට ප්රස්තාවනාවක් සපයන සිරිනන්දන පිරිවෙනේ මැදඋයන්ගොඩ විමල්කීර්ති හිමියන් දක්වන පරිදි (ලීලසේන 1949; ප්රස්තාවනා; ඩස) මෑතකාලීන ප්රතිසංස්කරණ වලට පෙර දෙවිනුවර ගල් ගෙයහි ථූපාකාර පියස්සක් තිබු බවට සලකුණු බොහෝ වී ඇත. ගල් ගෙය ද ගර්භ ගෘහයකින් සහ ප්රමුඛයකින් යුතු දේවාලයක් බව නිශ්චිත බැවින් මේ ථූපාකාර අවයවය යනු එහි ගර්භ ගෘහයට ඉහලින් වූ විමානය බව පැහැදිලිය.
එසේ නම් දෙවිනුවර වූ පරිවාර එනම් උත්තර දිග අනු දේවාලය වූ ගල් ගෙයත් ගලින් කල පියස්සකින් යුතුව පැවතියේ නම් මහා දේවාලය ඊටත් වඩා ශෝභනව ගලින් කල විමානයක් හා පියස්සකින් යුතුව පැවතීමට වෙසෙස් ඉඩක් ඇති බව පෙනී යයි. මෙවන් ආලෝකයක් ලැබුන ද නිශ්චිත වශයෙන්ම එවන් නිගමනයක්ට එළැඹිය නොහැක. නිතර වැසි වැටෙන තෙත් කලාපයේ මේ ගොඩනැගිල්ල පැවතුනි නම් ඒ සඳහා කාන්දු වීම් ඇති නොවන ශක්තිමත් බදාමයක් යොදන්නට සිදුවේ. ඒ පිළිබඳව සාධක ද විද්යාමාන නොවේ. එබැවින් රජරට ශිෂ්ඨාචාර සමය තුල දෙවිනුවර මහා දේවාල ගොඩනැගිල්ලෙහි ගෘහනිර්මාණය හෝ ආකෘතිය මේ ආකර වූවා යැයි ස්ථිරසාර ලෙස කීමට තරම් සාක්ශියක් නොමැත. එනමුත් ඊට සමකාලීනව ගොඩනැගූ දෙවිනුවර ගල්ගෙයෙහි ආකෘතිය සහ ආසන්න කාලීන විහාර ගෘහ නිර්මාණ ශිල්ප ක්රමයන්හී පොදු ලක්ෂණ සළකා (;උපුල්වන් දෙවොල විහාරයේම උපාංගයක් බව හෙලි වූ බැවින්) එම ලක්ෂණ යන්ට අනුගත වූ ගොඩනැගිල්ලක්ව පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
සටහන- අභිෂේක් යසස්ථි රන්දෙනිය
Share:

Leave a comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *