දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය යනු ශ්‍රි ලංකාවේ දකුණු ලක්ෂ්‍යය අසල දෙවුන්දර තුඩුවේ පිහිටා ඇති, ශ්‍රි ලංකාවේ උසම ප්‍රදීපාගාරය වන අතර එය අග්නිදිග ආසියාවේ උසම ප්‍රදීපාගාර අතරින් එකක් වේ. දෙවුන්දරතුඩුව ප්‍රදීපාගාරය බලපැවැත්වීම හා නඩත්තු කිරීම ශ්‍රි  ලංකා වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යයි.

මාතර නගරයට අග්නිදිගින් ආසන්න වශයෙන් කි.මී. 6 (3.7 සැත)ක් දුරින් දෙවුන්දර ගම්මානය අසල ප්‍රදීපාගාරය පිහිටා තිබේ. දෙවුන්දර යන නාමය, දේශීය සිංහල භාෂාවෙන් ” දෙවි -නුවර” සඳහා යොදාගන්නා අතර “දේවී” යන්නෙහි තේරුම “දෙවියන්” හා “නුවර” යන්නෙහි තේරුම “නගරය” වේ. ඒ නිසා දෙවුන්දර “දෙවිවරුන්ගේ නගරය” ලෙස ව්‍යුත්පන්න කර ඇත.

ඉතිහාසය

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය සර් ජේම්ස් නිකලස් ඩග්ලස් විසින් නිර්මාණය කළ අතර ඉදිකිරීම් කටයුතු ඉම්පීරියල් ලයිට්හවුස් සර්විස්  හි විලියම් ඩග්ලස් විසින් 1887, නොවැම්බර් මසදී ආරම්භ කරන ලදී. ගඩොල් හා වානේ ඇතුළු සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය එංගලන්තයේ සිට ගෙන්වන ලද ඒවා විය. ස්කොට්ලන්තයේ ඩල්බීටී සහ කෝන්වෝල් හි පෙන්‍රින් යන ප්‍රදේශ වල පිහිටි කළුගල් කොරි මගින් කළුගල් සපයා ගන්නා ලදී . ප්‍රදීපාගාරය, 1890 මාර්තු මසදී අවසන් කර ජනතා අයිතියට පත් කරන ලදී. දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය හා බාබෙරින් ප්‍රදීපාගාරය ඉදි කිරීමට වැය වූ ඒකාබද්ධ පිරිවැය ₤ 30,000 වූ අතර මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව යන ප්‍රදීපාගාරයන්හි එකතු වූ හිඟ මුදල් යොදා ගනිමින් එය ගෙවන ලදී.

කාච

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය යනු 19 වන සියවස අවසානයේ දී ලබා ගත් විශාල හයිප(ර්)රේඩියන්ට් ෆ්රෙස්නෙල් කාච යොදාගනිමින් නිර්මාණය කළ සීමිත ප්‍රදීපාගාර අතරින් එකකි.එංගලන්තයේ චාන්ස් සහෝදරයෝ විසින් නිර්මාණය කළ මේවායින් කාච හතරක් ශ්‍රී ලංකාවේ විදුලි පහන් සඳහා භාවිතා කරන ලදී.

විශේෂාංග

ප්‍රදීපාගාරය මීටර් 49 (අඩි 161) ක් උස වන අතර මහල් 7 ක් හා කහ පැහැති කවුළු 14 ක් ද ඉහලට යන තෙක් පියවර 196 කින් ද යුක්ත වේ. දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර ප්‍රදීපාගාර හතරෙන් එකකි. ආන්තර ගෝලීය ස්ථානීය පද්ධතියේ හඳුන්වා දීමත් සමඟ 2000 වර්ෂයේ දී වෙරළ වටා අනෙකුත් ප්‍රධාන ප්‍රදීපාගාර හා පරිගණක ගත සම්බන්ධතා ගොඩනගනිමින් ප්‍රදීපාගාරය නවීකරණය කරන ලදී.

පිහිටීම දෙවුන්දර තුඩුව
දකුණු පළාත
ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක 5°55′16.71″N 80°35′38.73″Eඛණ්ඩාංක5°55′16.71″N 80°35′38.73″E
ඉදිකිරීම 1890
සන්දර්භය ගඩොල් කුළුණ
කුළුණේ හැඩය අෂ්ටාශ්‍ර හැඩැති ප්‍රිස්මාකාර කුළුණ
Markings / pattern ධවල කුළුණ, පීත කවුළු
උස 49 m (161 ft)
නාභිගත උස 47 metres (154 ft)
පරාසය 28 nautical miles (52 km; 32 mi)
Characteristic Fl W 5s.
Admiralty අංකය F0836
NGA අංකය 27276
ARLHS අංකය SLI-001
නඩත්තුව ශ්‍රි ලංකා වරාය අධිකාරිය
Share:

Leave a comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *