ආරම්භය
මහා සමුද්‍රයෙන් සීමාවූ දේශයන්හී සයුරට නෙරා ගිය ගොඩබිම් තීරයන් හෙවත් තුඩු යනු සුවිශේෂී භූගෝල විද්‍යාත්මක පිහිටීම් වෙති. ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාව නමැති දූපත් රාජ්‍යයේද එවන් තුඩු කිහිපයකි. එම තුඩු අතරින් දක්ෂිණ තුඩුව වූ දෙවිනුවර තුඩුව භූගෝල විද්‍යාත්මක වටිනාකමටත් එහා ගිය සංස්කෘතිකමය වටිනාකමක් දරන්නේ එම තුඩුවට අනන්‍ය නාමය පවා ලබාදුන් සුප්‍රකට ඓතිහාසික උපුල්වන් දේවාලය තුඩුව මැද පිහිටි හෙයිනි.